පොලු ගැලවෙන යෝකර් පන්දු කරණය
==================================
ක්රිකට් ක්රීඩාවේ නිතර දක්නට ලැබෙන අපූරු පන්දු කරණයන් අතර යෝකර් පන්දු කරණයට (Yoker delivery) හිමි වන්නේ ඉහල ස්ථානයකි. තරගයක ඕනෑම මොහොතක ඕනෑම තත්ත්වයක් යටතේ භාවිත කළ හැකි කඩුලු ලබාගැනීමේ උපක්රමික පන්දු කරණයක් නිසා වේග පන්දු යවන්නන් යොකර් පන්දු කරණය නිතැතින් භාවිත කිරීමට පෙළඹේ.නමුත් පිතිකරුවාට තර්ජනයක් වන ආකාරයට හරියාකාරව පන්දුවක් එල්ල කිරීමට පන්දු යවන්න සතුව පන්දුව කෙරෙහි මනා පාලනයක් ඉහළ ආත්ම විශ්වාසයක් පැවතිය යුතුය.එල්ලය වැරදි එය පිතිකරුවගේ පිත්තට කෙලින්ම ලැබුණු පන්දුවක් බවට පත්වී ලකුණු ලබා ගැනීමේ අවස්ථා බවට පරිවර්තනය වී පන්දුයවන්නන් බැට කන අයුරු අපට ඕනෑ තරම් ක්රිකට් තරඟ වල දැකිය හැක. මෙම අපූරු පන්දු කරණය සඳහා නම ලැබී ඇත්තේ කෙලෙසද ?
1866-1888 අතර කාලයේ එංගලන්තයේ (Yorkshire) යෝක්ෂයර් ප්රාන්තය වෙනුවෙන් ක්රීඩා කළ Tom Emmett නම් වමත් වේග පන්දු යවන්නෙක් විය. ඔහු විසින් පන්දු කරණයේදී පන්දුවට පහර දෙන පිතිකරුවා සිටින සීමාවට සාර්ථක අයුරින් පන්දුව පතිත වීමට එල්ල කිරිමට සමත්කම් දක්වා ඇති අතර අනෙක් ප්රාන්ත කණ්ඩායම් Yorkshire ප්රාන්තය හා ක්රීඩා කිරීමේදී Tom Emmett හමුවේ එම පන්දු කරණයට බහුල වශයෙන් මුහුණ පෑමට සිදු වී ඇති නිසා ඒවා යෝකර් පන්දු (Yoker) ලෙස හැඳින්වීමට එය හේතු වී තිබේ .
ලෝකයේ ඕනෑම දක්ෂ වේග පන්දු යවන්නෙක් පිතිකරුවාගේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කිරීමටත් ඕනෑම මොහොතක කඩුලු ලබා ගැනීමටත් අප කවුරුත් දන්නා පරිදි මේ පන්දු කරණය වර්තමානයේ බහුලව භාවිත කරන ප්රධාන අවියක් බවට පත් වී ඇත.පන්දුව ඉහළින් යොමු කරන පන්දු යවන්නන්ට වඩා හරස් අතට වන්නට පහතින් පන්දුව මුදා හරින වේග පන්දු යවන්නන් (Waqar yunis,Lasith Malinga,Mitchell Starc) අනෙක් වේගපන්දු යවන්නන්ට සාපේක්ෂව වැඩි වාර ගණනක් යෝකර් පන්දු එල්ල කිරීමට විශේෂ හැකියාවක් ඇත. ලසිත් මාලිංග මෑත ඉතිහාසයේ පන්දු යවන්නෙකු විසින් එල්ල කරන ලද වැඩිම යොකර් පන්දු ප්රමාණයකට හිමිකම් කියන අතර යෝකර් පන්දු කරණයේ රජු (King Of Yokers) ලෙසින් ලොව පුරා ක්රිකට් ප්රේක්ෂකයන් විසින් ඔහු අභිෂේකයට පාත්ර කර ඇත.
පාකිස්තානයේ වකාර් යුනිස් ඉතිහාසයේ ඉතා ප්රබල යෝග යෝග වීම පිළිබඳ නමක් තබා ඇත
No comments:
Post a Comment